September 10, 2026
මෙවර අස්වැන්න සාහිත්‍ය කල මංගල්‍ය 2026 සැප්තැම්බර් මස 18 වන දින පැවැත්වේ.
September 10, 2026
අදම ඔබේ අයදුම්පත අප වෙත යොමු කරන්න..
January 16, 2025
11 වන අවුරුද්ද සමරන ❤️🔥
මහතලාවේ කීර්තිමත් හෙළ බොදු විදු මාතාවට
චිරාත් කල් වැජඹෙන්නට හේතු වාසනා..!☸️
චිරං ජයතු..! ♥️
October 26, 2024
සමස්ත ලංකා පාසල් සංගීත තරඟ 2024 ස්වතන්ත්‍ර නිර්මාණ විවෘත මිශ්‍ර සමූහ වාදන”රාත්‍රිය” දෙවන ස්ථානය අප පාසල දිනා ගත් වගයි.♥️✌️🎶 🟣ජයග්‍රහණය දිනාගත් සියලු දරුවන්ට සහ ගුරුවරුන්ට හද පිරි සුබ පැතුම් එක්කරමු. 🟣Sinhala Buddhist College Matale
October 26, 2024
2024 ඔක්තෝම්බර් මස 29 වන දින පෙ.ව. 8.30 සිට ප.ව.4.30 දක්වා අස්වැන්න සාහිත්‍ය කලා මංගල්‍යය මෙවරත් විද්‍යාල භූමියේදී පැවැත්වේ.
October 12, 2024
සමස්ත ලංකා පාසල් සංගීත තරඟ 2024 (පළාත්) ස්වතන්ත්‍ර නිර්මාණ විවෘත මිශ්‍ර සමූහ වාදන”රාත්‍රිය” ප්‍රථම ස්ථානය අප පාසල දිනා ගත් වගයි.♥️✌️🎶 🟣ජයග්‍රහණය දිනාගත් සියලු දරුවන්ට සහ ගුරුවරුන්ට හද පිරි සුබ පැතුම් එක්කරමු. 🟣Sinhala Buddhist College Matale 🟣
October 12, 2024
සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා දවල් 12ට බෞද්ධ විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරේ.!!! 💐🤝
June 13, 2024
2024 අගෝස්තු 09 වන අගහරුවදා දින මෙම වර්ෂයේ පළමු වාර පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 6 -11 ශ්‍රේණි වල සියලුම දූ දරුවන් හට ජයග්‍රාහී ප්‍රතිඵලයන් ලඟා කර ගැනීමට හැකිවේවා…!
June 13, 2024
අනු බුදු මිහිදු මා හිමියන් විසින් දම් සිසිලෙන් මේ ලක් දෙරණ තෙමාලු උතුම් පොසොන් පෝය නිමිති කරගෙන, බොදු විදුහලේ අපිත් බැති ගීතයෙන් ඔබේ හදවත් තෙමාලන්නෙමු. පොසොන් පෝය දවසේ හවස් යාමයේ, මාතලේ එම්සී පාර ශාඛ්‍යසිංහාරාමය අසල දී…
May 18, 2024
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මධ්‍යම පලාතේ මාතලේ නගරය කේන්ද්‍ර කරගෙනය. එයට සමගාමීව මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය ද ආමිස හා ප්‍රතිපත්ති පුජා රැසක් සංවිධානය කර තිබෙනවා. සීල භාවනා වැඩසටහන්, වෙසක් සැරසිලි හා නිර්මාණ එලැබෙන වෙසක් සතියේ දි පැවැත්වීමට නියමිතයි.
April 28, 2024
2023/2024 අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 මැයි මස 06 වන දින ආරම්භවේ. විභාගය 2024 මැයි මස 15 වන දින දක්වා පැවැත්වේ.
April 28, 2024
බක් පොහොය දින නිමිති කරගෙන පාසලේ ප්‍රථමික අංශයේත්, ද්විතික අංශයේත්, පෙර පාසල් අංශයේත් ධර්ම දේශනා වැඩසටහන 2024/04/26 වන දින පවත්වන ලදී.
April 28, 2024
අප පාසලේ මුලික ළමාවිය සංවර්ධනය කරන බෝසත් පෙර පාසලේ වාර්ෂික සිගිති අවුරුදු උත්සවය අති සාර්ථක ලෙස 2024 අප්‍රේල් මස 08 වන දින පවත්වන ලදී.

April 16, 2024
2024 අප්‍රේල් මස සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව මෙවර 2024/04/10 වන දින සිට 2024/04/23 දින දක්වා ලබා දී තිබේ. මේ අනුව 2024 වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර මෙලෙස අවසන් කර පළමු වාරයේ දෙවන අදියර 2024/04/24 වන දින සිට ආරම්භවේ.
April 10, 2024
2024 බක් මහා උළෙල පාසලේ ප්‍රථමික සහ ද්විතික අංශයේ සියලුම දරු දැරියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් 2024/04/10 වන දින සාර්ථකව පවත්වන ලදී. අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් සිංහල හා හින්දු අවුරුදු උළෙල තුල ඇති සංස්කෘතිකභාවය දරුවන්ට මනා ලෙස පැහැදිලි කරදුනි. එමෙන්ම දරුවන් හට විවිධ අවුරුදු ජන ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබුණි.

November 25, 2022
අප විද්‍යාලය හා සම්බන්ධ වන ඔබට,
පාසල් ආරම්භ වූ පසු
පාසල් කාලසටහනට අනුව සතියේ දිනවල අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනු ලබන අතර, 100%ක් ප්‍රතිඵල සඳහා වගකියනු ලැබේ.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින දූ දරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, නේවාසික පහසුකම් අවශ්‍ය දරුවන් කලින් දැනුවත් කර නේවාසික පහසුකම් වෙන් කරවාගැනීමට කාරුණික වන්න.
ඉතා සීමිත පිරිසක් පමණක් බඳවාගන්නා ලබනු අතර, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් https://sbcmatale.lk/admissions වෙත පිවිස ඔබට ඇතුළත් වීමට අවශ්‍ය ශ්‍රේණියට අදාල (Grade 11 – Morning School) පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න. නැතහොත් අංක 09, වාරිමාර්ග මාවත, එම්.සී පාර ලිපිනයෙහි පිහිටි අප විද්‍යාලයට පැමිණ විමසන්න.
වැඩි විස්තර Whatsapp මාර්ගයෙන් සහ දුරකථන මාර්ගයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.